ආදරය ඉල්ලා සිසුවෙක් සිසුවියකගේ පියා සමඟ ගුටි කෙළියක.13 JUNE 2015 | DOWNLOAD SRINEWS APP ON ANDROID & APPLE
පාසල් සිසුවියක් හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සහ කළ සිසුවෙක් සහ එම සිසුවියගේ පියා අතර ඇතිවූ බව කියන ගැටුමක් හේතුවෙන් දෙදෙනාම තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලීසිය සඳහන් කරයි. 11 වැනිදා සවස ආණමඩුව නගරයේදී මෙම ගැටුම හට ගෙන ඇති අතර රෝහල් ගත කර ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචිකරුවෙකු සහ ආණමඩුව - දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවෙකුවය. ආණමඩුව ප්‍රදේශයේ පාසලක ඉගෙණුම ලබන බාල වයස්කාර දැරිවියක් සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට එම පාසලේම ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක් වන සිසුවෙකු උත්සහ කර ඇත. මෙම සිසුවා විසින් පාසල් සිසුවියට නිතර සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් සිසුවියගේ මව්පියන් විසින් අවස්ථා කීපයකදීම පොලීසියට පැමිණිලි කර ඇති බව කියති. ඒ සම්බන්ධයෙන් විභාග කර ඇති පොලීසිය සිසුවියට බලපෑම් සිදු නොකරන ලෙස සිසුවාට අවස්ථා කීපයකදීම අවවාද කර ඇත. 11 වැනිදා දහවල් පාසල තුලදී මෙම සිසුවා සිසුවියට කිසියම් විහිළුවක් කර ඇති බවත්,පාසලේ ගුරුවරුන් විසින් මේ බව දැරිවියගේ මව්පියන්ට දැන්වීමෙන් පසුව පියා පැමිණ තම දියණිය කැදවාගෙන ගොස් ඇත. 11 වැනිදා සවස කිසියම් හේතුවෙක් නිසා සිසුවා ආණමඩුව නගරයට පැමිණ ඇත. එම අවස්ථාවේදී සිසුවියගේ පියාද ආණමඩුව නගරයට පැමිණ සිට ඇත.එම අවස්ථාවේ දෙදෙනා අතර ගැටුමක් හට ගෙන ඇත.එම ගැටුමෙන් දෙදෙනාම සුළු තුවාල සිදුවීම හේතුවෙන් ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. ආණමඩුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියලාල් මහතා විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
YESITH BIMSARA DE SILVA
No comments:
Post a Comment